තේමාව යටතේ ආබාධ සහිත තැනැත්තන් සඳහා ප්රවේශ පහසුකම් වැඩිදියුණු කිරීම තුළින් සංචාරක ව්යාපාරය ප්රවර්ධනය කිරීමේ අරමුණින් ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාත්යන්තර දිනය සැමරීමේ ජාතික වැඩසටහන ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්රජා සවිබල ගැන්වීම් ගරු අමාත්ය මහාචාර්ය උපාලි පන්නිලගේ මැතිතුමාගේ ප්රධානත්වයෙන් ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්රජා සවිබලගැන්වීම් ගරු නියෝජන අමාත්ය වසන්ත පියතිස්ස මැතිතුමාගේ සහ ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්රජා සවිබලගැන්වීම් අමාත්යංශ ලේකම් මලර්මදි ගංගාදරන් මහත්මියගේ සහභාගිත්වයෙන් 2024 .12.03 දින පෙරවරු 9.30 සිට පස්වරු 4.30 දක්වා මාතර පොල්හේන වෙරළ තීරයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කරඇත.