දැක්ම හා මෙහෙවර

අපගේ දැක්ම

ශ්‍රී ලංකාවේ ආබා‍ධ සහිත තැනැත්තන්ද ජාතික සංවර්ධනයේ කොටස්කරුවන් බවට පත් කිරීම අපගේ දැක්ම වන්නේය.

අපගේ මෙහෙවර

මාර්ගෝපදේශකත්වය, සම්බන්ධීකරණය, සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම හා මෙහෙයවීම තුළින් ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් වැඩිදියුණු කිරීම හා සුරක්‍ෂිතතාවය සහතික කිරීම අපගේ මෙහෙවර වන්නේ ය.

අපගේ වගකීම්

ශ්‍රී ලංකාවේ ආබාධ සහිත තැනැත්තන් ද ජාතික සංවර්ධනයේ කොටස්කරුවන් බවට පත් කිරීමේ දැක්ම පෙරදැරිව 1996 අංක 28 දරණ ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීමේ පනතට අදාළ විධිවිධාන සැලැස්වීම සඳහා ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික සභාව හා ජාතික මහ ලේකම් කාර්යාලය පිහිටුවා ඇත. එකී පනතේ විධිවිධාන සපුරාලමින් ආබාධ සහිත තැනැත්තන්හට සමාන අවස්ථා ඇති කිරීමට කටයුතු කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ. මීට අමතරව,

ආබාධ සහිත තැනැත්තන්ගේ සුභසාධනය, ආබාධ ඇතිවීමේ ප්‍රධාන හේතු වැළැක්වීම සහ පාලනය කිරීම, සංඛ්‍යාලේඛන පවත්වාගෙන යාම, පුනරුත්ථාපනය කිරීම, ආබාධ සහිත පුද්ගලයින් සඳහා පිහිටුවන ලද ආයතනවල කටයුතු මෙහෙයවීම, උපදෙස් දීම සහ ආධාර දීම, භෞතික පරිසරය යෝග්‍ය පරිදි සැකසීම සඳහා වැඩසටහන් සහ ප්‍රතිපත්ති සකස් කිරීම හා මාර්ගෝපදේශ ලබා දීම යන අනුශාංගික කාරණාද සාක්‍ෂාත් කරනු වස් විවිධ කාර්යයන් සිදු කරනු ලැබේ.

 

ප්‍රතිපත්ති සැකසීම හා නීති සේවා

අප විසින් ආබාධ සහිත තැනැත්තන් උදෙසා සිදු කරනු ලබන නෛතික සේවාවන් සුවිශේෂී වේ. ඒ අනුව,

  • 1996 අංක 28 දරණ ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීමේ පනත වර්තමාන සමාජ රටාවට අනුරූප වෙමින් ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් උපරිම සාධාරණයක් ඉටු කිරීම සඳහා නැවත සංශෝධන කිරීමේ කටයුතු සිදු කරමින් නව පනත් කෙටුම්පත කැබිනට් අනුමැතියට ඉදිරිපත් කිරීම සඳහා භාර දී ඇත.
  • තවද, දෘශ්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන්  2017.05.31 දිනැති ව 2017 අංක 01 දරණ සුදුසැරයටි රීතීන් ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කරන ලදී.
  • එමෙන්ම, බිහිරි ප්‍රජාවගේ සන්නිවේදන අවශ්‍යතා සපුරාලනු වස් සංඥා භාෂාව පිළිගත් සන්නිවේදන මාධ්‍යක් වශයෙන් ස්ථාපිත කිරීම සඳහා සංඥා භාෂා පනත් කෙටුම්පත නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත යොමු කොට ඇත.  එකී නිරීක්ෂණයන්ට අනුව කෙටුම්පතේ ඉදිරි කටයුතු නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව මගින් සකස් කරමින් පවතී.  තවද රාජ්‍ය නිලධාරීන් සඳහා සංඥා භාෂාව අතිරේක විෂයක් වශයෙන් හඳුන්වාදීමට කටයුතු සම්පාදනය කර ඇත.
  • ආබාධ සහිත තැනැත්තන් සඳහා ප්‍රවේශ නියෝගවලට අදාළව පවතින ගැසට් පත්‍රය ද අදට ගැලපෙන අයුරින් සකස් කිරීම ද ප්‍රමුඛ කාර්යයක් සේ සලකා 1996 අංක 28 දරණ ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනතට අනුව 2006-10-17 දිනැති අංක 1467/15 හා 2009-09-18 දිනැති අංක 1619/24 දරණ අති විශේෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කර ඇති 2006 අංක 01 දරණ ආබාධ සහිත තැනැත්තන් පිළිබඳ ප්‍රවේශ නියෝගය ප්‍රකාරව.   ජාත්‍යන්තර මට්ටමේ  ප්‍රමිතීන්‌ට හා පිරිවිතරයන්ට අනුව සකස් කරන ලද  ගැසට් පත්‍රය කෙටුම්පත් කර අවසන් වී ඇත.  සෝදුපත් බැලීමේ අවස්ථාවේ පවතී.  එහි සංශෝධනයන් අවසන් කර ප්‍රවේශ නියෝග ගැසට් පත්‍ර අනුකමිටුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
  • 2014 වර්ෂයේ  ආබාධ සහිත බව පිළිබඳ ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම  පදනම් කරගෙන නව ආබාධ සහිත බව පිළිබඳ ජාතික ක්‍රියාකාරී  සැලැස්ම  සකස්  කිරීමේ  කටයුතු ආරම්භ කර ඇත.
  • 1996 අංක 28 දරණ පනතේ IV වන වගන්තිය අනුව ආබාධ සහිත තැනැත්තන් සඳහා ක්‍රියා කරන ස්වේච්ඡා සංවිධාන ලියාපදිංචි කරනු ලැබේ.  මේ වන විට ආයතන 238 ක් ලියාපදිංචි කර නියාමන  කටයුතු කරමින් පවතී.

ආබාධ සහිත ප්‍රජාව බලගැන්වීම

 ආබාධ සහිත තැනැත්තන්ගේ සුබසාධනය සලසා ඔවුන් සමාජයේ ඔසවා තැබීමේ සත්කාර්යයට දායක වෙමින් පහත වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ. තවත් සුවිශේෂී කර්තව්‍යයක්  වන රැකවරණ මධ්‍යස්ථාන 06ක් ස්ථාපනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති අතර  ඒ් අතුරින් අකුරැස්ස පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය ඉදි කිරීමේ කටයුතු අවසන් අදියරේ ක්‍රියාත්මක වේ.

 

රු. 5000/- ක මාසික ජීවනාධාර ලබා දීමේ වැඩසටහන

 

වකුගඩු රෝගීන් සඳහා රු.5000/- ජීවනාධාර ලබා දීමේ වැඩසටහන

 

වෛද්‍යා ආධාර ලබා දීම

 

ආධාරක උපකරණ ලබා දීම

 

අධ්‍යාපන ආධාර ලබා දීම

 

නිවාස ආධාර ලබාදීම

 

හැකියා වර්ධන වැඩසටහන

 

ස්වයංරැකියා ආධාර ලබාදීම

 

පෞද්ගලික අංශයේ රැකියා සඳහා යොමු කිරීම හා ව්‍යවසායකින් දිරිගැන්වීමේ වැඩසටහන

 

රාජගිරිය වික්ටෝරියා නිවාසයේ නඩත්තු වියදම්  දැරීම

 

ස්වේච්ඡා සංවිධාන බලගැන්වීම

 

අධ්‍යක්ෂක මණ්ඩලය

අධ්‍යක්ෂක (රා.ඉ.)
ජයමාලි සී වික්‍රමආරච්චි

+94 112 56 58

+94 112 56 58

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Position
Name

+94 112 56 58

+94 112 56 58

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Position
Name

+94 112 56 58

+94 112 56 58

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

සංවිධාන ව්‍යුවහය