වි‍ශේෂ අවස්ථා

07 May2026
 ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික මහ සභාවේ අප්‍රේල් හමුව.
 
ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්රජා සවිබලගැන්වීම් අමාත්යාංශය යටතේ ක්රියාත්මක ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික මහ සභාවේ හමුවක් පසුගිය සතියේ (අප්‍රේල් 29) ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්රජා සවිබලගැන්වීම් අමාත්යාංශ ශ්රවණාගාරයේදී පැවැත්වුනා එම හමුවේදී පහත සඳහන් තීරණයන් ද ගනුලැබුවා.
 
ආබාධ සහිත තැනැත්තන් සම්බන්ධයෙන් වන ප්රවේශ පහසුකම් පිළිබඳ විගණනයක් සිදුකිරීමට තීරණය විය. ඒ සඳහා මැතිවරණ පද්ධති සඳහා වූ ජාත්යන්තර පදනම (IFES) සමඟ සම්බන්ධ වී සමාජ සේවා නිලධාරීන් වෙත මෙම විගණනය සිදුකිරීම සම්බන්ධයෙන් අවශ්ය පුහුණුව ලබාදීමටත්. ඒ අනුව ඉදිරියේදී ප්රවේශ පහසුකම් පිළිබඳ විගණනයන් සිදු කරන අතර මෙහි ආරම්භක විගණනය බත්තරමුල්ල, සෙත්සිරිපාය පරිශ්රය ආශ්රිතව සිදුකිරීමටත් තීරණය කළා.
එමෙන්ම ආර්ථික ක්රියාවලියට සම්බන්ධ විය නොහැකි හා ඇඳ ගතව සිටින මස්තිස්කාඝාතය ඇතුළු වෙනත් උග්ර ආබාධ සහිත තත්ත්වයන්ගෙන් පෙළෙන ආබාධ සහිත ප්රජාව වෙනුවෙන් 2027 වර්ෂයේදී විශේෂ දීමනාවක් ලබාදීමට අවශ්ය සැලසුම් කිරීමට යෝජනා විය
.
තවද රජයේ ආයතන සහ පොදු ස්ථානවල ප්රවේශ පහසුකම් වෙනුවෙන් රුපියල් මිලියන දහසක්(1000) වෙන් කර ඇති අතර, එම යටිතල පහසුකම් සංවර්ධනය සදහා ව්යාපෘති යෝජනා අදාල ආයතන බලධාරීන් සහ වගකිවයුත්තන්ගෙන් කඩිනමින් ලබා ගැනීමට තීරණය කරන ලදී.
ආබාධ සහිත තැනැත්තන් රැකියාගත කිරීම සඳහා වෙන් වූ රුපියල් මිලියන 500 සඳහා ලැබී ඇති ඉල්ලීම් සම්බන්ධයෙන් ද කටයුතු කිරීමට යෝජනා විය.
 
මෙම අවස්තාවට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ අමාත්‍ය උපාලි පන්නිල මහතා, ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික මහ සභාවේ ලේකම්, ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්රජා සවිබලගැන්වීම් අමාත්යාංශ ලේකම් සම්පත් මන්ත්රිනායක මහතා, සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ දර්ශනී කරුණාරත්න මහත්මිය, ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ජයමාලී වික්රමාරච්චි මහත්මිය සහ ජාතික මහ සභාවේ සමාජිකයන් එක්ව සිටියා.
12 Mar2026
ආබාධ සහිත තැනැත්තන් උදෙසා වූ ජාතික සභාවේ 2026 වර්ෂයේ 2 වන මහා සභා රැස්වීම පෙබරවාරි 23 වැනි දින ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්රජා බල ගැන්වීමේ අමාත්යාංශයේ රැස්වීම් ශාලාවේදී මාගේ සභාපතිත්වයෙන් පැවැත්වූ අතර, අමාත්යාංශ ලේකම් සම්පත් මන්ත්රීනායක, ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික ලේකම් කාර්යාලයේ අධ්යක්ෂිකා ජයමාලි වික්රමාරච්චි, අමාත්යාංශ නිලධාරී මහත්ම මහත්මීන් සහ ජාතික සභාවේ සභාවේ සාමාජිකයන් මෙම අවස්ථාවට සහභාගිවුනා.
රැස්වීමේදී සාකච්ඡාවට බඳුන් වූ සහ ගනු ලැබූ විශේෂ තීරණ.
01. වකුගඩු රෝගීන් සඳහා ජීවනාධාර ගෙවීමේදී භාවිත කෙරෙන වෛද්ය වාර්තා පිළිබඳව සෞඛ්ය අමාත්යාංශයත් සමඟ නැවත සාකච්ඡා කිරීම.
02. ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් භාවිතා කළ හැකි පාරිභාෂික වචන මාලාව සකස් කිරීම.
අනු කමිටුව විසින් එවැනි පාරිභාෂික වචන/ යෙදුම් 75 ක් යෝජනා කර ඇත.
මේ පිළිබඳව සභාවේ සාමාජික සාමාජිකාවන්ට තම අදහස් ලබාදීම සඳහා අමතර සති දෙකක කාලයක් ලබා දෙන ලදි.
එසේම මූලික වශයෙන්, ආබාධ සහිත පුද්ගලයන් හැඳින්වීම සඳහා භාවිතා කරන ප්රධාන යෙදුම් 11 ක් හඳුනාගත් අතර ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳව තොරතුරු සන්නිවේදනය කිරීමේදී එම යෙදුම් ඉදිරියේදී යොදාගන්නා ලෙස සියලුම රාජ්ය ආයතන, මාධ්ය ආයතන හා සංවිධාන දැනුවත් කිරීම.
03. රෝද පුටු පරිත්යාගය සහ ජාතික රෝද පුටු මධ්යස්ථානය.
ජපානයේ සකුරා රෝද පුටු ආයතනය විසින් පරිත්යාග කර ඇති රෝද පුටු මේ වනවිට දිවයිනට පැමිණ ඇත.
එම රෝද පුටු නිසි ක්රමවේදයක් යටතේ අවශ්යම පුද්ගලයන් වෙත බෙදා දීමට කටයුතු කරනු ඇත.
මේ සමගම මෙම රෝද පුටු අලුත් වැඩියා කිරීම සඳහා වැඩපිළිවෙලක්ද සකස් කර ඇත.
සෞඛ්ය අමාත්යාංශයේ මැදිහත්වීම යටතේ රෝද පුටු නිශ්පාදන මධ්යස්ථානයක් රාගම පුනරුත්ථාපන රෝහලට අනුබද්ධව ස්ථාපිත කරනු ලබන අතර එය හරහා රෝද පුටු නිෂ්පාදනය කිරීම, අලුත් වැඩියා කිරීම සහ මේ සඳහා කාර්මිකයන් පුහුණු කිරීමේ වැඩපිළිවෙළක්ද ආරම්භ කරනු ඇත.
මෙම ක්රියාවලිය ඉදිරියට ගෙන යාම සඳහා නිශ්චිත වැඩ පිළිවෙළක් මෙන්ම අමාත්යාංශ ඇතුළුව ජපාන ජාත්යන්තර සහයෝගිතා ආයතනය(JICA) සමඟ අවබෝධතාවයකට පැමිණීමේ අවශ්යතාවය සාකච්ඡා කෙරුණි.
එසේම මෙම ව්යාපෘතියේ අවසාන ඉලක්කය විය යුත්තේ, ශ්රී ලංකාව තුළ රෝද පුටු නිෂ්පාදනය කිරීමයි.
04. ආබාධ සහිත පුද්ගලයන් සඳහා ලබා දෙන දීමනා ක්රමවත් කිරීම. විවිධ හේතූන් නිසා කීප දෙනෙකුට මෙම දීමනාව නොලැබීම පිළිබඳව පැමිණිලි ලැබී ඇත.
එවැනි තත්ත්වයන් පිළිබඳව අමාත්යාංශ ලේකම් විසින් සෘජුව මැදිහත්වීමට කටයුතු කරන අතර එවැනි දීමනා නොලැබීම පිළිබඳව වාර්තා කරන්නයි ඉල්ලීමක් කෙරුනි.
05. ආබාධ සහිත තැනැත්තන් සඳහා රැකියා අවස්ථා සැපයීම සහ හිතකර රැකියා පරිසරයක් සහතික කිරීම පිළිබඳව පොදු මාර්ගෝපදේශ හා නිර්දේශ.
මේ පිළිබඳව මානව හිමිකම් කොමිෂම විසින් ලබාදී ඇති නිර්දේශවලට අනුකූලව කටයුතු කරනු ඇත.
06. ආබාධ සහිත පුද්ගලයන් සඳහා විශේෂ බස් රථ සේවාවක් යෙදවීම.
කොළඹ සහ තදාසන්න ප්රදේශ ආවරණය වන පරිදි බස් රථ දහයක් සේවයේ යෙදීමට දැනටමත් රජය කටයුතු කර ඇති අතර මෙම බස් වලට යොදා ඇති රියදුරු සහ කොන්දොස්තර සේවය වඩා සංවේදීකරණය කිරීමේ වැඩපිළිවෙළක් ක්රියාත්මක කරනු ඇත.
07. විශේෂ අධ්යාපන ඒකකවල හා කුසලතා මධ්යස්ථානවල කටයුතු පසු විපරම් කිරීම.
මේ පිළිබඳව විශේෂ අධ්යාපන ඒකකයට හා අධ්යාපන අමාත්යාංශ ලේකම් වෙත දැනුවත් කිරීම කර ඇති අතර, විශේෂ අධ්යාපන ඒකකයේ නියෝජනයක් ජාතික සභාව වෙත ලබා ගැනීමට තීරණය කරන ලදී.
08. ආබාධ සහිත පුද්ගලයන් සඳහා විශේෂ විශ්රාම වැටුප් ක්රමයක් ආරම්භ කිරීම පිළිබඳව මේ වන විට සාකච්ඡා ආරම්භ කර ඇත.
06 Apr2026

රාජ්ය සේවකයන් සඳහා වන සංඥා භාෂාව පිළිබඳ සහතික පත්ර පාඨමාලාව සාර්ථකව නිමකළ කොළඹ දිස්ත්රික්කයේ රාජ්ය ආයතන සේවක මහත්ම මහත්මීන් සඳහා සහතිකපත් ප්රධානය

ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්රජා සවිබලගැන්වීම් අමාත්යාංශය යටතේ ක්රියාත්මක ආබාධ සහිත පුද්ගලයන් සඳහා වූ ජාතික මහලේකම් කාර්යාලය මගින් ක්රියාත්මක කරන ලද රාජ්ය සේවකයන් සඳහා වන සංඥා භාෂාව පිළිබඳ සහතික පත්ර පාඨමාලාව සාර්ථකව නිමකළ කොළඹ දිස්ත්රික්කයේ රාජ්ය ආයතන සේවක මහත්ම මහත්මීන් සඳහා සහතිකපත් ප්රධානය අද පෙරවරුවේ මාගේ ප්රධානත්වයෙන් බත්තරමුල්ල, සෙත්සිරිපාය, දෙවන අදියරේ, පළමු මහලේ පිහිටි ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්රජා සවිබලගැන්වීම් අමාත්යාංශ පරිශ්රයේදී පැවැත්වුනා.
ශ්රවණාබාධ සහිත තැනැත්තන් සඳහා රාජ්ය ආයතන මගින් කාර්යක්ෂම හා සඵලදායී සේවාවක් සැපයීම වෙනුවෙන් මෙම ව්යාපෘතිය ඉතා වැදගත් බවත්. 2026 වර්ෂයේදී දිවයිනේ සෑම දිස්ත්රික්කයක්ම ආවරණය වන ලෙස මෙම පුහුණු පාඨමාලාව පැවැත්වීම සඳහා සැලසුම් කර ඇති බවද, සංඥා භාෂාව විශ්ව භාෂාවක් බවත්, ලෝකයේ සියළු දෙනාට සංඥා භාෂාව ප්රගුණ කිරීමට හැකියාව ඇත්නම් වෙනත් ශබ්ධ භාෂාවන් කිහිපයක් ප්රගුණ කිරීමට වඩා එය පහසු බවත්, ආබාධ සහිත පුද්ගලයන් ආර්ථික හා සමාජීය වශයෙන් තෘප්තිමත් හා ඔවුන්ට සමානව සලකන අන්තර්කරණය වූ සමාජයක් නිර්මාණය කිරීමේ රජයේ ප්රතිපත්තිය ජය ගැනීම සඳහා මෙම වැඩසටහන ඉවහල වන බවත් මා එහිදී සභාව අමත්මින් අවධාරණය කළා.
මෙම වස්තාවට ග්රාමීය සංවර්ධන, සමාජ ආරෂාණ හා ප්රජා සවිබලගැන්වීම් අමාත්යාංශයේ ලේකම් සම්පත් මන්ත්රිනායක මහතා, ආබාධ සහිත පුද්ගලයන් සඳහා වූ ජාතික මහලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ජයමාලි වික්රම ආරච්චි මහත්මිය, අතිරේක ලේකම් ( පාලන ) රාධා නානායක්කාර මහත්මිය, අතිරේක ලේකම් නාලිකා පියසේන මහත්මිය, අතිරේක ලේකම් ගාමිණී විජේසිංහ මහතා, රාජ්ය නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
 
03 Mar2026
සෑම වසරකම මාර්තු පළමුවනදාට (01) යෙදෙන ජාත්යන්තර රෝද පුටු දින සැමරුම මෙවර රාගම රක්තවාතවේද හා පුනරුත්ථාපන රෝහල් පරිශ්රයේදී අද (01) දින පෙරවරුවේ මාගේ ප්රධානත්වයෙන් පැවැත්වුනා.
ලොව පුරා මිලියන සංඛ්යාත ජනතාවකට සංචලතාවය, ස්වාධීනත්වය, ගෞරවය හා අන්තර්කරණය සක්රීය කිරීමේදී රෝද පුටු ලබාදෙන වැදගත්කම කියාපෑම උදෙසා 2008 වර්ෂයේ බ්රිතාන්ය ජාතික උද්යෝගිමත් උපදේශකවරයෙක් වන දිවංගත ස්ටීව් විල්කින්සන් මහතා ජාත්යන්තර රෝද පුටු දිනය ආරම්භකර ඇත.
"සංචලතාව බලගැන්වීම - සැමට ඇතුළත්වූ අනාගතයක් ගොඩනැගීම" යන්න මෙවර එහි තේමාවයි. රාගම රක්තවාතවේද හා පුනරුත්ථාපන රෝහල් පරිශ්රයේදී පැවැති සැමරුම් උත්සවයේදී ජපානයේ සකුරා ආයතනයෙන් පරිත්යාග ලෙස ලැබුණු රෝද පුටු කිහිපයක් ආබාධ සහිත පුද්ගලයන් සඳහා සංකේතාත්මකව ප්රදානය කෙරිණි. 2026 අයවැයෙන් වෙන් කෙරුණු රුපියල් මිලියන 250ක ප්රතිපාදනවලින් ආරම්භ කිරීමට යෝජිත රෝද පුටු නිෂ්පාදන හා අළුත්වැඩියා මධ්යස්ථානයට අදාල භූමිය පරික්ෂා කිරීම හා රොහල් පරිශ්රයේ නිරීක්ෂණ චාරිකාවකටද වුනා.
එක්ව අත්නොහැර අන්තර්කරණය වූ සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් වර්තමාන රජය "පොහොසත් රටක් ලස්සන ජීවිතයක්" ප්රතිපත්ති ප්රකාශයෙන් පවරාගත් වගකීම නිසි ලෙස ඉටුකරමින් සිටින බවත්, එමෙන්ම අබාධ සහිත පුද්ගලයන් සඳහා ප්රවේශ අයිතිය තහවුරු කිරීම සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමත් ප්රමුඛ කාර්යක් ලෙස හඳුනාගනිමින් ආබාධ සහිත පුද්ගලයන් සඳහා ප්රවේශ පහසුකම් සහ ඊට අදාල යටිතල පහසුකම් දියුණු කිරීමටද සැලසුම් කර ඇති බවත් එහිදී මා විසින් අවධාරණය කළා.
මෙම අවස්තාවට විද්යා හා තාක්ෂණ අමාත්ය මහාචාර්ය ක්රිශාන්ත අබේසේන මහතා, ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්රජා සවිබලගැන්වීම් නියෝජ්ය අමාත්ය වසන්ත පියතිස්ස මහතා, ආර්ථික සංවර්ධන නියෝජ්ය අමාත්ය නිශාන්ත ජයවීර මහතා, ගම්පහ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ස්ටෙෆ්නි ප්රනාන්දු මහතා, පාර්ලිමේන්තු මන්ත්රී සුගත් වසන්ත ද සිල්වා මහතා ඇතුළු මහජන නියෝජිතයන්, ග්රාමීය සංවර්ධන , සමාජ ආරක්ෂණ හා ප්රජා සවිබලගැන්වීම් අමාත්යාංශයේ ලේකම් සම්පත් මන්ත්රිනායක මහතා, අතිරේක ලේකම්වරු, රාගම රක්තවාදවේද හා පුනරුත්ථාපන රෝහලේ නියෝජ්ය අධයක්ෂ වෛද්ය චන්ද්රගුප්ත රණසිංහ මහතා, ආබාධ සහිත පුද්ගලයන්, රෝහල් කාර්යමන්ඩලය ඇතුළු විශාල පිරිසක් එක්වසිටියා.

Page 1 of 4