ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා, සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න, ආබාධ සහිත තැනැත්තන් පිළිබද ජාතික ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ සී. අනුරාධා හේරත් යන මහත්ම මහත්මීන්ගේ සහ ආබාධ සහිත ප්‍රජාව නියෝජනය කරන සංවිධානවල නියෝජිතයන් සහභාගී විය.
එහිදී ආබාධ සහිත පුද්ගලයන් පිළිබද ජාතික සභාව විසින් සකස් කල විශේෂ ඉල්ලීම් ඇතුලත් සංදේශයක් ජනාධිපතිතුමා වෙත භාර දෙන ලදි.
ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පැවසීය.
කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය, අධ්‍යාපන අමාත්‍ය, සෞඛ්‍ය අමාත්‍ය, යෞවන කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා සමඟ මේ සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කරන ලෙස තමන් දැනටමත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනට උපදෙස් ලබා දී ඇති බව ද ඔහු පැවසීය.
එම වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසු ඒ මත පදනම් වූ යෝජනා මීළඟ අයවැය යෝජනාවලට ඇතුළත් කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.