අඩු ආදායම් ලබන ආබාධ සහිත තැනැත්තන්ගේ සුභසාධනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 2007 වසරේ සිට ක්‍රියාත්මක මෙම වැඩසටහන මඟින් ආබාධ සහිත තැනැත්තන් හා ඔවුන්ගේ පවුල් සවිබල ගැන්වීම සඳහා කටයුතු කෙරේ.
රු.3000 බැගින් වූ ජීවනාධාරය 2024 වසරේ දී රු.7,500 ලෙස වැඩි කර, 32,000 වූ ප්‍රතිලාභීන් සංඛ්‍යාවට නව ප්‍රතිලාභීන් 40,000ක් එක් කර මුළු පිරිස 72,000ක් දක්වා වැඩි කිරීමට පියවර ගෙන ඇත.
සම්පූර්ණ කළ යුතු සුදුසුකම්
- ආබාධ සහිත තැනැත්තෙකු බවට රජයේ වෛද්‍යවරයකුගේ නිර්දේශය
- පවුලේ මාසික ආදායම රු.6000 ට වඩා අඩු ආදායම් ලබන්නෙකු වීම
අයදුම් කිරීමේ ක්‍රමවේදය
ඔබ අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා නිලධාරී හමුවී අදාළ අයදුම්පත් සම්පූර්ණ කර ලියාපදිංචි විය යුතුය.