පුවත්

17 Oct2025

ආබාධ සහිත සහිත පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ( Commonwealth Parliamentarians With Disabilities - CPWD) විසින් බාබඩෝස් හි පැවති 68 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සම්මේලනයේදී (CPC) දේශීය ප්‍රජා සහභාගීත්වය ඉස්මතු කරමින් නව CPWD සභාපතිවරයෙකු තෝරා පත් කර ගනී...........................................

පොදුරාජ්‍ය මණ්ඩලීය ආබාධ සහිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ (CPWD) ජාලය, එහි සභාපතිනී ගරු. ලෝරා කානුෂු, මන්ත්‍රී (උගන්ඩාව) විසින් මෙහෙයවනු ලබන අතර, බාබඩෝස් හි පැවති නගර ශාලා උත්සවයකදී ආබාධ සහිත පුද්ගලයන් අන්තර්කරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු වෙත දේශීය ප්‍රජාවන් සමඟ කටයුතු කළ හැකි ආකාරය ඉස්මතු කරන ලදී.
CPWD කලාපීය ශූරයින් සහ නියෝජිතයන් බ්‍රිජ්ටවුන් හි පැවති නගර ශාලා උත්සවයකට සහභාගී වූ අතර, එය සමස්ථයක් ලෙස ප්‍රජාව අන්තර්කරණය වන පොදු ප්‍රතිපත්ති හැඩගැස්වීමේදී පාර්ලිමේන්තුවට සිවිල් සමාජය සහ නියෝජිත සංවිධාන සමඟ කටයුතු කළ හැකි ආකාරය විමර්ශනය කරන ලදී.

“බොහෝ ව්‍යවස්ථාදායකයන් ආබාධිත පුද්ගලයන් අන්තර්කරණය කිරීම කෙරෙහි තම කැමැත්ත ප්‍රකාශ කළත්, සීමිත සම්පත් සහ දුර්වල උපදේශන යාන්ත්‍රණ හේතුවෙන් සිවිල් සමාජය සමඟ අර්ථවත් ලෙස සම්බන්ධ වීම අපේක්ෂා කරන මට්ටමෙන් සිදුවන්නේ නැත. මෙම උත්සවය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ආබාධිත උපදේශකයින් අතර එක්ව ඉගෙනීම සහ අන්‍යෝන්‍ය වගවීම මත පදනම් වූ විවෘත සංවාදයක් සඳහා වේදිකාවක් සැපයීමට අරමුණු කරන" බව CPWD ජාලයේ සභාපතිනී ගරු. ලෝරා කානුෂු, මන්ත්‍රී මහත්මිය පැවසුවාය:

නගර ශාලා උත්සවයේදී පැවති සාකච්ඡා මණ්ඩපයේදී ගරු. කේරියන් ඉෆිල්, බාබඩෝස් ආබාධිත කවුන්සිලයේ (BCD) සභාපතිනිය සහ බාබඩෝස් සෙනෙට් සභාවේ හිටපු සභාපතිනිය; ගරු. කිර්ක් ඩී. එම්. හම්ෆ්‍රි, මන්ත්‍රී, බාබඩෝස් ජනතා සවිබලගැන්වීම් සහ වැඩිහිටි කටයුතු අමාත්‍ය; බාබඩෝස් පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රී එඩ්මන්ඩ් ජී. හින්ක්සන් මහතා; සහ සෙනෙට් සභික ඇන්ඩ්වෙල් බොයිස් (බාබඩෝස්) යන අය සාමාජික සාමාජිකාවන් ලෙස සහභාගි විය.

මෙම උත්සවය ආරම්භ වූයේ දේශීය ආබාධිත උපදේශිකාවක් වන ජැනෙල් ඕ'ඩෙල් මහත්මියගේ අදහස් දැක්වීමත් සමගය.

CPWD ජාලය පිහිටුවා ඇත්තේ පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංවිධානය (CPA) විසින් ආබාධ සහිතව ජීවත් වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඔවුන්ගේ භූමිකාවන් වඩාත් ඵලදායී කිරීමට සහ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය අතර ආබාධිත ගැටළු පිළිබඳ දැනුවත්භාවය වැඩි දියුණු කිරීමට උපකාර කිරීම සඳහාය.

මෙම ජාලය ආබාධ සහිත පුද්ගලයින් මුහුණ දෙන අසමානතා විසඳීමට ද උත්සාහ කරන අතර පාර්ලිමේන්තු සන්දර්භය තුළ දැනුවත්භාවය ඉහළ නැංවීමට උපකාරී වේ.

පොදුරාජ්‍ය මණ්ඩලීය ආබාධ සහිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ (CPWD) ජාලයේ කලාපීය ශූරයින් ද බාබඩෝස් හි පැවති 68 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සම්මේලනයේදී හමු විය. CPWD කලාපීය ශූරයින් CPA හි කලාප නවය බැගින් නියෝජනය කරන අතර ඔවුන්ගේ අදාළ කලාපවල ආබාධ සහිත පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කරන අතර CPA තුළ ආබාධිත පුද්ගලයන්ගේ අවශ්‍යතා නියෝජනය කරයි.

රැස්වීමේදී, CPWD කලාපීය ශූරයින් විසින් සෙනෙට් සභික ගරු. ඉසායා ජාකොබ් (මැලේසියානු සෙනෙට් සභාවේ සාමාජික) තෙවසරක ධූර කාලයක් සඳහා CPWD ජාලයේ නව සභාපතිවරයා ලෙස තෝරා පත් කර ගන්නා ලදී.
ගරු. ලීස්ල් ටෙෂ්, AM, මන්ත්‍රී (නිව් සවුත් වේල්ස් ව්‍යවස්ථාදායක සභාවේ සාමාජික) CPWD හි උප සභාපති ලෙස තේරී පත් විය.

CPWD කලාපීය ශූරයින් ඉදිරි වසර සඳහා ජාලයේ න්‍යාය පත්‍රය ද සකස් කරන ලද අතර, වඩාත් ප්‍රවේශ විය හැකි පරිදි පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සඳහා සහාය වන CPWD ප්‍රාග්ධන ආයෝජන අරමුදල ද ඊට ඇතුළත් වේ.

බාබඩෝස් හි පැවති 68 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සම්මේලනයට සහභාගී වූ නියෝජිතයින් ආබාධ සහිත පුද්ගලයන් අන්තර්කරණය ප්‍රවර්ධනය කරන වැඩමුළු දෙකකට ද සහභාගී විය.

CPC වැඩමුළුව 2026 දී ඇන්ටිගුවා සහ බාබියුඩා හි පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයින්ගේ රැස්වීම (CHOGM) දෙස බලා සිටි අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ‘ලිංගික සහ ප්‍රවේශවීමේ කාචයෙන් මානව සාධකය’ වෙනුවෙන් පෙනී සිටිය හැකි ආකාරය පිළිබඳව සාකච්ඡා කරන ලදී. එම සාකච්ඡා මණ්ඩපයේ සාමාජිකයින් අතර පොදුරාජ්‍ය මණ්ඩලීය ආබාධිත පුද්ගලයන්ගේ සංසදයේ මහලේකම් රිචඩ් රයිසර් ද විය.

නියෝජිතයින් ආබාධ සහිත කාන්තාවන් දේශපාලනයට සම්බන්ධ වීමේ බාධක ජය ගැනීම පිළිබඳ ඒකාබද්ධ පොදුරාජ්‍ය මණ්ඩලීය කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ (CWP) සහ CPWD වැඩමුළුවකට ද සම්බන්ධ විය.

එම සාකච්ඡා මණ්ඩපයේ සාමාජිකයින් අතර ගරු. කේරියන් ඉෆිල්, බාබඩෝස් ආබාධිත කවුන්සිලයේ (BCD) සභාපතිනිය සහ බාබඩෝස් සෙනෙට් සභාවේ හිටපු සභාපතිනිය; රොස් මැකෝල්, MSP (ස්කොට්ලන්තය); සහ ගරු. ලීස්ල් ටෙෂ්, AM, මන්ත්‍රී (නිව් සවුත් වේල්ස්) ඇතුළත් විය.

මෙම සෑම සාකච්ඡාවක් සහ වැඩසටහනක් සඳහාම ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරමින් ගරු සුගත් වසන්ත ද සිල්වා මන්ත්‍රීවරයා සහභාගි වූ අතර ඔහුට CPWD නව සභාපති තනතුර සහ අනෙකුත් නිලධාරීන් තෝරා ගැනීමේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාවද හිමිවිය.

CPA විසින් නිකුත් කරන ලද ප්‍රවෘත්ති නිවේදනයක් ආශ්‍රයෙන් සිංහලට පරිවර්තනය කරන ලදී.

17 Oct2025

ආබාධ සහිත තැනැත්තන් මුහුණ දෙන ගැටලු පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය තුළ සංවේදීකරණය සහ දැනුවත්භාවය ඇති කිරීමේ අරමුණින් "නිර්බාධිත සමාජ ජීවිතයක් උදෙසා" යන තේමාව යටතේ වැඩමුළුවක් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් දසවැනි පාර්ලිමේන්තුවේ ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය මගින් සංවිධානය කළ මෙම වැඩසටහන පසුගිය 18වනදා පාර්ලිමේන්තුවේදී පවත්වන ලදී.

මෙම සංවේදීකරණය සහ දැනුවත්භාවය ඉහළ නැංවීමේ වැඩසටහනේ සම්පත්දායකයින් ලෙස ආබාධ සහිත තැනැත්තන් නියෝජනය කරන විවිධ කණ්ඩායම්වල නියෝජිතයින් සහභාගී වූහ . එහිදී ආබාධ සහිත තැනැත්තන් මුහුණ දෙන අභියෝග සහ ඒවාට මුහුණ දීම සඳහා පවතින අවශ්‍යතාවයන් පිළිබඳවද ඔවුහු මෙහිදී කරුණු ඉදිරිපත් කළහ.

නීති සම්පාදනය කරන ස්ථානයේ මහජන නියෝජිතයන් අතර අබාධ සහිත තැනැත්තන්ගේ පවතින ගැටලු හා ඔවුන්ට අවශ්‍ය විසදුම් පිළිබඳව දැනුවත් භාවය සහ සංවේදීකරණය ඇති කිරීම මගින් අවශ්‍ය වෙනස්කම් කළ හැකි බව තමන් විශ්වාස කරන බව මෙහිදී අදහස් දක්වමින් ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා පැවසීය. නිර්භාධිත සමාජ ජීවිතයක් නිර්මාණය කිරීම සඳහා, පාර්ලිමේන්තුව විසින් ප්‍රතිපත්ති සකස් කළ යුතු බවත් මෙම අබාධ සහිතවුවන් පිළිබදව වඩාත් සංවේදීව කටයුතු කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වගකීමක් වන බවත් ඒමහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේය. ඒ වෙනුවෙන් සංවිධානය කළ මෙම දැනුවත් කිරීමේ සහ සංවේදීකරණය ඇතිකිරීමේ වැඩසටහන සාර්ථක වූ බව ද හෙතෙම සඳහන් කළේය.

මෙම අවස්ථාව සඳහා ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ නියෝජ්‍ය සම ඒකාබද්ධ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම් මහතා සහ ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය නියෝජනය කරමින් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් සහභාගී වූහ.