ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාත්යන්තර දිනය සැමරීමේ ජාතික වැඩසටහන 2024
ආබාධ සහිත පුද්ගලයන් අන්තර්කරණය වූ තිරසාරය අනාගතයක් උදෙසා ඔවුන්ගේ නායකත්වය පුළුල් කිරීම" තේමාව යටතේ ආබාධ සහිත තැනැත්තන් සඳහා ප්රවේශ පහසුකම් වැඩිදියුණු කිරීම තුළින් සංචාරක ව්යාපාරය ප්රවර්ධනය කිරීමේ අරමුණින් ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාත්යන්තර දිනය සැමරීමේ ජාතික වැඩසටහන 2024.12.03 දින මාතර පොල්හේන වෙරළ තීරයේදී පැවැත් විය.මෙම අවස්ථාවට ග්රාමීය සංවර්ධන,ප්රජා ආරක්ෂණ හා සමාජ සවිබලගැන්වීම් අමාත්යංශයේ ලේකම්තුමිය ඇතුළු මාණ්ඩලික නිලධාරීන් සහ අනෙකුත් නිලධාරීන්,මාතර දිස්ත්රික් ලේකම් කාර්යයාලයේ නිලධාරීන්,ආබාධ සහිත තැනැත්තන් සහ වෙනත් ආරාධිත අමුත්තන් සහභාගී විය.ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් විනෝදාත්මක වැඩසටහන් රාශියක් එදින ක්රියාත්මක ව්ය.








ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාත්යන්තර දිනයට සමගාමීව ප්රවේශ සංචාරක කර්මාන්ත ප්රවර්ධනය කිරීමේ වැඩසටහන 2023.12.03
"ආබාධිත පුද්ගලයින් සඳහා, ඔවුන් සමඟ සහ ඔවුන් විසින් තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගැනීමට ක්රියාකාරීව එක්සත් වේ" යන තේමාව යටතේ ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාත්යන්තර දිනයට සමගාමීව ප්රවේශ සංචාරක කර්මාන්ත ප්රවර්ධනය කිරීමේ වැඩසටහන 2023.12.03 දින සමාජ සවිබලගැන්වීම් රාජ්ය අමාත්ය ගරු අනුප පස්කුවල්l මැතිතුමාගේ ප්රධානත්වයෙන් මහනුවර දී පැවැත්විය.මේ සඳහා කාන්තා , ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්යාංශයේ ලේකම්තුමිය, ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මහලේකම් කාර්යාලයේ අධ්යක්ෂක තුමිය ඇතුළු නිලධාරීන් සහභාගී විය. එමෙන්ම දෙස් විදෙස් ආබාධ සහිත තැනැත්තන් සිය දෙනකු ද සහභාගි විය. කොළඹ කොටුව දුම්රිය ස්ථානය සිට මහනුවර දක්වා දුම්රියෙන් ගමන් ගත් අතර දළදා මාළිගාව වැද පුදාගෙන ආශිර්වාද ලබා ගැනීම හි දී සිදුවිය. ඉන් අනතුරුව පේරාදෙණිය උද්භිත උද්යානය නැරඹීම සඳහා මෙම පිරිස රැගෙන යන ලදී. මෙහි දී වත්තේගම වෘත්තීය පුහුණු ආයතනයේ ආබාධිත දරු දැරියන්ගේ නර්_තනාංග සහිත විනෝදාත්මක වැඩසටහන් පැවැත්විය.
ආබාධ සහිත පුද්ගලයින් සඳහා ස්වයං රැකියා පුහුණුව ලබා දීමේ වැඩසටහන
ආහාර සුරක්ෂිතතාව හා ජීවනෝපාය සංවර් ධන ප්රතිපාදන හදිසි ආධාර ව්යාපෘතිය යටතේ ආබාධ සහිත පුද්ගලයින් සඳහා ස්වයං රැකියා පුහුණුව ලබා දීමේ වැඩසටහනක් මිණිපේ ප්රාදේශීය ලේකමි කාර් යාලයේදී සැප්තැම්බර් මස 17වන දින පැවැත්විණි.
ආබාධ සහිත පුද්ගලයින් සඳහා හදිසි ආධාර ලබාදීමේ වැඩසටහන
ආබාධ සහිත පුද්ගලයින් සඳහා හදිසි ආධාර ලබාදීමේ වැඩසටහන යටතේ ආබාධ සහිත තැනැත්තන් දැනුවත්කිරිමේ වැඩසටහනක් හා සවිබලගැන්වීමේ වැඩසටහනක් නොවැම්බර් මස 3,4,5,6 දිනවලදී ත්‍රීකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,කින්නියා හා මූතුර් හිදී පැවැත්විනි.ආබාධ සහිත තැනැත්තන් දැනුවත්කිරිමේ වැඩසටහන සඳහා පුද්ගලයින් 100දෙනෙකුත් සවිබලගැන්වීමේ වැඩසටහන සඳහා පුද්ගලයන් 30දෙනෙකු
බැගින් සහභාගී විය.
ආබාධ සහිත පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයන් දැනුවත් කිරීමේ වැඩසටහන
ආහාර සුරක්ෂිතතාව හා ජීවනෝපාය සංවර් ධන ප්රතිපාදන හදිසි ආධාර ව්යාපෘතිය යටතේ ආබාධ සහිත පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මඩකලපුව දිස්ත්රික් ලේකමි කාර් යාලයේදී අගෝස්තු මස 07වන දින පැවැත්විණි.මේ සඳහා ප්රතිලාභීන් 84දෙනෙකු සහභාගී විය.
Page 2 of 3

