මෙම Google පෝරමය කොටස් 2 න් යුක්තවේ.
1. රැකියා අපේක්ෂිත ආබාධ සහිත තැනැත්තන් සම්පූර්ණ කළ යුතු කොටස
2. ආබාධ සහිත තැනැත්තන්ට රැකියා ලබාදීමට අපේක්ෂිත සේවා යෝජකයින් විසින් සම්පූර්ණ කළ යුතු කොටස
ඒ අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් රැකියාගත කිරීමට සුදුසුකම් ලබන ආබාධ සහිත තැනැත්තන් තෝරා ගැනීම සිදුකරමින් අදාළ සේවා යෝජකයින් සම්බන්ධ කර ඔවුන්ව රැකියාගත කිරිමට බලාපොරොත්තු වේ.
ඒ අනුව ආබාධ සහිත ප්‍රජාව ජාතික ආර්ථිකයට දායක කර ගැනීම මූලික කරගෙන ඔවුනට EPF හා ETF ගෙවනු ලබන පෞද්ගලික සේවා යෝජකයන් දිරි ගැන්වීම හා සේවා නියුක්තිය වර්ධනය කිරීමේ අරමුණින් 2026 අයවැය යෝජනාවට අනුව ආබාධ සහිත පුද්ගලයෙකු සේවයේ යොදවන්නේ නම්, එකී පෞද්ගලික ආයතන වෙත රජයෙන් රුපියල් 15,000 ක උපරිමයකට යටත්ව සේවකයාගේ වැටුපෙන් 50% ක වැටුප් සහනාධාරයක් මාස 24 ක් දක්වා ලබාදීමට නියමිතය.
මෙම කටයුතු 2026.05.22 දින සිට ආරම්භ වේ.
පිවිසෙන්න ---> https://employment-program-for-people-with.vercel.app/

