ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික මහ සභාවේ අප්‍රේල් හමුව.
ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්රජා සවිබලගැන්වීම් අමාත්යාංශය යටතේ ක්රියාත්මක ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික මහ සභාවේ හමුවක් පසුගිය සතියේ (අප්‍රේල් 29) ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්රජා සවිබලගැන්වීම් අමාත්යාංශ ශ්රවණාගාරයේදී පැවැත්වුනා එම හමුවේදී පහත සඳහන් තීරණයන් ද ගනුලැබුවා.
ආබාධ සහිත තැනැත්තන් සම්බන්ධයෙන් වන ප්රවේශ පහසුකම් පිළිබඳ විගණනයක් සිදුකිරීමට තීරණය විය. ඒ සඳහා මැතිවරණ පද්ධති සඳහා වූ ජාත්යන්තර පදනම (IFES) සමඟ සම්බන්ධ වී සමාජ සේවා නිලධාරීන් වෙත මෙම විගණනය සිදුකිරීම සම්බන්ධයෙන් අවශ්ය පුහුණුව ලබාදීමටත්. ඒ අනුව ඉදිරියේදී ප්රවේශ පහසුකම් පිළිබඳ විගණනයන් සිදු කරන අතර මෙහි ආරම්භක විගණනය බත්තරමුල්ල, සෙත්සිරිපාය පරිශ්රය ආශ්රිතව සිදුකිරීමටත් තීරණය කළා.
එමෙන්ම ආර්ථික ක්රියාවලියට සම්බන්ධ විය නොහැකි හා ඇඳ ගතව සිටින මස්තිස්කාඝාතය ඇතුළු වෙනත් උග්ර ආබාධ සහිත තත්ත්වයන්ගෙන් පෙළෙන ආබාධ සහිත ප්රජාව වෙනුවෙන් 2027 වර්ෂයේදී විශේෂ දීමනාවක් ලබාදීමට අවශ්ය සැලසුම් කිරීමට යෝජනා විය
.
තවද රජයේ ආයතන සහ පොදු ස්ථානවල ප්රවේශ පහසුකම් වෙනුවෙන් රුපියල් මිලියන දහසක්(1000) වෙන් කර ඇති අතර, එම යටිතල පහසුකම් සංවර්ධනය සදහා ව්යාපෘති යෝජනා අදාල ආයතන බලධාරීන් සහ වගකිවයුත්තන්ගෙන් කඩිනමින් ලබා ගැනීමට තීරණය කරන ලදී.
ආබාධ සහිත තැනැත්තන් රැකියාගත කිරීම සඳහා වෙන් වූ රුපියල් මිලියන 500 සඳහා ලැබී ඇති ඉල්ලීම් සම්බන්ධයෙන් ද කටයුතු කිරීමට යෝජනා විය.
මෙම අවස්තාවට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ අමාත්‍ය උපාලි පන්නිල මහතා, ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික මහ සභාවේ ලේකම්, ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්රජා සවිබලගැන්වීම් අමාත්යාංශ ලේකම් සම්පත් මන්ත්රිනායක මහතා, සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ දර්ශනී කරුණාරත්න මහත්මිය, ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ජයමාලී වික්රමාරච්චි මහත්මිය සහ ජාතික මහ සභාවේ සමාජිකයන් එක්ව සිටියා.