ආබාධ සහිත පුද්ගලයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සුභසාධනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම වැඩසටහන 2007 සිට ක්‍රියාත්මක වේ.
2019 දී රුපියල් 3,000 ක් වූ ජීවන දීමනාව 2025 අප්‍රේල් මාසයේ සිට රුපියල් 10,000/- දක්වා වැඩි කර ඇති අතර, පවතින ප්‍රතිලාභීන් 32,000 ට නව ප්‍රතිලාභීන් 40,000 ක් එකතු කිරීමෙන් මුළු ප්‍රතිලාභීන් සංඛ්‍යාව 72,000 දක්වා වැඩි කිරීමට පියවර ගෙන ඇත.
සපුරාලිය යුතු සුදුසුකම්
ඔහු ආබාධිත පුද්ගලයෙකු බවට රජයේ වෛද්‍යවරයෙකුගෙන් නිර්දේශය
මාසික පවුලේ ආදායම රු. 16,191 ට අඩු ආදායම් උපයන්නෙකු වීම
අයදුම්පත් පටිපාටිය
ඔබ ඔබේ ප්‍රදේශයේ ලේකම් කාර්යාලයේ සමාජ සේවා නිලධාරියා හමුවී අදාළ අයදුම්පත් සම්පූර්ණ කර ලියාපදිංචි විය යුතුය
අයදුම්පත ලබා ගන්න

