අඩු ආදායම්ලාභී ආබාධ සහිත තැනැත්තන්ගේ පවුල්වල පවතින දරිද්‍රතාවය අවම කිරීම සඳහා ස්වයංරැකියාවක් ආරම්භ කිරීම හෝ වැඩිදියුණු කිරීම සඳහා එක් පුද්ගලයකුට හෝ පවුලකට උපරිම රු.25,000ක් දක්වා ස්වයංරැකියා ආධාර ලබාදීම මෙම වැඩසටහන යටතේ සිදු කෙරේ. එසේම, ස්වයංරැකියාව නියාමනය, නිෂ්පාදනවල ගුණාත්මක බව වැඩි කිරීමට මඟපෙන්වීම හා අලෙවිය සඳහා මැදිහත්වීමද මෙහි දී සිදු කෙරේ.

අයදුම් කිරීමේ ක්‍රමවේදය

  • අයදුම්කරුගේ මාසික ආදායම රු. 6,000ට අඩු විය යුතුයි.
  • ස්වයං රැකියාව ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වන වියදම් ඇස්තමේන්තුව ඉදිරිපත් කල යුතුයි.
  • ඇස්තමේන්තුව සහිත සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශය සහිතව ඉදිරිපත් කළ යුතුයි.