ආබාධ සහිත තැනැත්තන් පුනරුත්ථාපනය සඳහා උපකාර වෙමින්, අන්තර්කරණ සංවර්ධනයට දායක කර ගැනීමට හා ඔවුන් ස්වාධීන පුද්ගලයන් බවට පත් කිරීම සඳහා ඇස් කණ්ණාඩි, රෝදපුටු, අත්වාරු, කිහිළිකරු,ඇවිදීමේ රාමුරාමු ආදිය උපකරණ වශයෙන් ද වායු මෙට්ට,ජල මෙට්ට ආදී විශේෂ උපකණ සඳහා උපරිම රු.20,000 දක්වා ශ්‍රවණ උපකරණ සඳහා උපරිම රු.15,000- රු.35,000/- මුදල් ආධාර ලබාදීම සිදු කෙරේ. රු.6000 අඩු ආදායම් ලබන පුද්ගලයන් සඳහා වෛද්‍ය නිර්දේශ මත මෙම ආධාරය ලබා දේ.

අයදුම් කිරීමේ ක්‍රමවේදය

  • වෛද්‍ය වාර්තාවකින් ආබාධිත බව සනාථ කළ යුතුය.
  • ග්‍රාම නිලධාරී, සමාජ සේවා නිලධාරී හා ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය අනුව අදාළ අයදුම්පත සම්පූර්ණ කර තිබිය යුතුයි.
  • විශේෂ උපකරණයක් අවශ්‍ය වන්නේ නම්, ඊට අදාළ ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළ යුතුය.
  • උපකරණය භාර ගනු ලබන්නේ වෙනත් අයෙක් විසින් නම්, අයදුම්කරුගේ ලිඛිත දැනුවත් කිරීමක් අවශ‍්‍ය වේ.