- 10.25 දින කෑගල්ල දිස්ත්රික්කයේ යටියන්තොට ප්රාදේශීය ලේකම් කාර්යාල ශ්රවණාගාරයේදී යටියන්තොට ප්රාදේශීය ලේකම් කාර්යාලය හා ස්වශක්ති සංවිධාන විසින් සංවිධානය කරන ලද ඇස් කණ්නාඩි බෙදා දීමේ ජංගම සේවා වැඩසටහනක් පැවැත්විය. මේ සඳහා ප්රතිපාදන ලබාදීම හා මෙහෙයවීම ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මහලේකම් කාර්යාලය මගින් සිදුකළ අතර මේ සඳහා ප්රාදේශීය ලේකම්තුමා ප්රමුඛව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහභාගී විය. මෙහිදී ඇස් කණ්නාඩි 500ක් රෝද පුටු 01ක් හා කොමඩ් රෝද පුටු 01ක් බෙදා දීම සිදුවිය.

