- 10.25 දින කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා ස්වශක්ති සංවිධාන විසින් සංවිධානය කරන ලද ඇස් කණ්නාඩි බෙදා දීමේ ජංගම සේවා වැඩසටහනක් පැවැත්විය. මේ සඳහා ප්‍රතිපාදන ලබාදීම හා මෙහෙයවීම ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මහලේකම් කාර්යාලය මගින් සිදුකළ අතර මේ සඳහා ප්‍රාදේශීය ලේකම්තුමා ප්‍රමුඛව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහභාගී විය. මෙහිදී ඇස් කණ්නාඩි 500ක් රෝද පුටු 01ක් හා කොමඩ් රෝද පුටු 01ක් බෙදා දීම සිදුවිය.


අඩු ආදායම්ලාභී දෘශ්‍ය ඌනතා සහිත ප්‍රජාව වෙනුවෙන් ළඟ පෙනීමේ අවශ්‍යතාවය සඳහා ඇස් කණ්නාඩි ලබාදීමේ වැඩසටහනක් 2024 .12.25 දින නිල්දණ්ඩාහින්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විය.ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් පැවති මෙම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් 788දෙනෙකු සම්බන්ධ විය.



"ආබාධිත පුද්ගලයින් සඳහා, ඔවුන් සමඟ සහ ඔවුන් විසින් තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගැනීමට ක්රියාකාරීව එක්සත් වේ" යන තේමාව යටතේ ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාත්යන්තර දිනයට සමගාමීව ප්රවේශ සංචාරක කර්මාන්ත ප්රවර්ධනය කිරීමේ වැඩසටහන 2023.12.03 දින සමාජ සවිබලගැන්වීම් රාජ්ය අමාත්ය ගරු අනුප පස්කුවල්l මැතිතුමාගේ ප්රධානත්වයෙන් මහනුවර දී පැවැත්විය.මේ සඳහා කාන්තා , ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්යාංශයේ ලේකම්තුමිය, ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මහලේකම් කාර්යාලයේ අධ්යක්ෂක තුමිය ඇතුළු නිලධාරීන් සහභාගී විය. එමෙන්ම දෙස් විදෙස් ආබාධ සහිත තැනැත්තන් සිය දෙනකු ද සහභාගි විය. කොළඹ කොටුව දුම්රිය ස්ථානය සිට මහනුවර දක්වා දුම්රියෙන් ගමන් ගත් අතර දළදා මාළිගාව වැද පුදාගෙන ආශිර්වාද ලබා ගැනීම හි දී සිදුවිය. ඉන් අනතුරුව පේරාදෙණිය උද්භිත උද්යානය නැරඹීම සඳහා මෙම පිරිස රැගෙන යන ලදී. මෙහි දී වත්තේගම වෘත්තීය පුහුණු ආයතනයේ ආබාධිත දරු දැරියන්ගේ නර්_තනාංග සහිත විනෝදාත්මක වැඩසටහන් පැවැත්විය.
අඩු ආදායම්ලාභී දෘශ්‍ය ඌනතා සහිත ප්‍රජාව වෙනුවෙන් ළඟ පෙනීමේ අවශ්‍යතාවය සඳහා ඇස් කණ්නාඩි ලබාදීමේ වැඩසටහනක් 2024 .12.22 දින බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විය.ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් පැවති මෙම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් 636 දෙනෙකු සම්බන්ධ විය.






ආබාධ සහිත පුද්ගලයින් සඳහා හදිසි ආධාර ලබාදීමේ වැඩසටහන යටතේ ආබාධ සහිත තැනැත්තන් දැනුවත්කිරිමේ වැඩසටහනක් හා සවිබලගැන්වීමේ වැඩසටහනක් නොවැම්බර් මස 3,4,5,6 දිනවලදී ත්‍රීකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,කින්නියා හා මූතුර් හිදී පැවැත්විනි.ආබාධ සහිත තැනැත්තන් දැනුවත්කිරිමේ වැඩසටහන සඳහා පුද්ගලයින් 100දෙනෙකුත් සවිබලගැන්වීමේ වැඩසටහන සඳහා පුද්ගලයන් 30දෙනෙකු
බැගින් සහභාගී විය.
Page 2 of 4

