අඩුආදායම් ලබන ආබාධ සහිත දරුවන් හා ආබාධ සහිත භාරකරුවන්ගේ දරුවන් සඳහා අධ්‍යාපන ආධාර ලබා දීමේ වැඩසටහනකි. මෙම වැඩසටහන යටතේ ජීවිත කාලයටම එක් වරක් ලැබෙන උපරිමය රු.10,000 වන පරිදි අධ්‍යාපන උපකරණ ලබා ගැනීම සඳහා ආධාර දෙනු ලැබේ.

අයදුම් කිරීමේ ක්‍රමවේදය

  • අයදුම්කරුගේ මාසික ආදායම රු. 6,000 ට අඩු විය යුතුයි.
  • අධ්‍යාපන උපකරණ සඳහා අවශ්‍ය වන වියදම් ඇස්තමේන්තුව ඉදිරිපත් කල යුතුයි.
  • ග්‍රාම නිලධාරී, සමාජ සේවා නිලධාරී හා ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය අනුව අදාළ අයදුම්පත සම්පූර්ණ කර තිබිය යුතුයි.
  • ආබාධිතභාවය වෛද්‍ය වාර්තාවක් මඟින් සනාථ කළ යුතු වේ