ආබාධ සහිත තැනැත්තන් හා දිගු කාලීන රෝගවලට ගොදුරු වූවන් ආබාධ තත්ත්වයට පත්වීම වැළැක්වීම ද අරමුණු කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. එහි දී රජයේ රෝහලින් නොසපයන ඖෂධ ලබා ගැනීමට,සායනවලට සහභාගී වීම සඳහා හා හෘද, අක්‍ෂි, වකුගඩු, මොළය, උකුල් ඇට, කර්ණ පටක බද්ධය ආදී ඕනෑම සැත්කමක් සඳහා අවශ්‍ය වන වියදම් පියවා ගැනීමට රු.6000ට අඩු ආදායම් ලබන පවුල් සඳහා උපරිමය රු.20,000ක් දක්වා මේ යටතේ ආධාර ලබාදේ.

අයදුම් කිරීමේ ක්‍රමවේදය

  • මූල්‍යාධාර සඳහා ඉල්ලුම් කරන ලිපියක් තිබිය යුතුයි.
  • වෛද්‍ය සහතික ඉදිරිපත් කල යුතුයි.
  • වෛද්‍ය සැත්කම් හෝ ප්‍රතිකාර සඳහා වැය වන මුදල සඳහන් කළ යුතුයි.
  • මිලදි ගත යුතු ඖෂධ පිළිබඳ විස්තර පත්‍රිකාව වෛද්‍ය නිලධාරී සහතික කර ඉදිරිපත් කළ යුතුයි.
  • රාජ්‍ය ඔසුසැල් වලින් ලබාගත් ඇස්තමේන්තු වලට පමණක් ගෙවීම් කරනු ලැබේ.
  • ග්‍රාම නිලධාරී, සමාජ සේවා නිලධාරී හා ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය අනුව අදාළ අයදුම්පත සම්පූර්ණ කර තිබිය යුතුයි.