ආබාධ සහිත තැනැත්තන්ගේ හා ආබධ සහිත තැනැත්තන් ඉගෙනුම ලබන විශේෂ අධ්‍යාපන ඒකක සඳහාද ඔවුන්ගේ ක්‍රීඩා, කලා හා සෞන්දර්යාත්මක හැකියාවන් මෙන්ම වෙනත් දක්ෂතා ඔප්නැංවීමේ අරමුණින් රු.50,000ක උපරිමයක් දක්වා මූල්‍ය අනුග්‍රහය ලබා දීම මෙම වැඩසටහන මඟින් සිදු කෙරේ.
අයදුම්කිරීමේ ක්‍රමවේදය
- ග්‍රාම නිලධාරී, සමාජ සේවා නිලධාරී හා ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය අනුව අදාළ අයදුම්පත සම්පූර්ණ කර තිබිය යුතුයි.
- උපකරණ මිලදී ගන්නේ නම් අදාළ ඇස්තමේන්තු හා ප්‍රසම්පාදන අනුමැතියන් ද ඉදිරිපත් කළ යුතු වේ.
- උපකරණ ලබා ගැනීමට තනි වශයෙන් හෝ කණ්ඩායම් වශයෙන් ඉල්ලුම් කළ හැක.