දිවයිනටම ආවරණය වන පරිදි අඩු ආදායම්ලාභී වකුගඩු රෝගීන් සඳහා රු.7,500 මාසික ජීවනාධාරයක් ලබා දීම මේ යටතේ සිදු කෙරේ. මේ වන විට ප්‍රතිලාභීන් 39,169 දෙනෙකු සඳහා මෙම දීමනාව ලබා දේ.

සම්පූර්ණ කළ යුතු සුදුසුකම්

  • වකුගඩු රෝගී අයෙකු බවට රජයේ වෛද්‍යවරයකුගේ නිර්දේශය
  • පවුලේ මාසික ආදායම රු.6000 ට වඩා අඩු ආදායම් ලබන්නෙකු වීම

අයදුම් කිරීමේ ක්‍රමවේදය

ඔබ අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා නිලධාරී හමුවී අදාළ අයදුම්පත් සම්පූර්ණ කර ලියාපදිංචි විය යුතුයි.