රැකියාවක නියැලිය හැකි මට්ටමක සිටින ආබාධ සහිත තැනැත්තන් සඳහා පෞද්ගලික අංශයේ රැකියාවක් සඳහා යොමු කරන අතර, එම ආයතනය ගෙවනු ලබන වැටුපෙන් 50% (උපරිමය රු.15,000ක් වන පරිදි) මාස 24ක් සඳහා මෙම කාර්යාලය මඟින් ගෙවීමට කටයුතු කරනු ලැබේ.

ඒ අනුව, 2019 වර්ෂයට අදාළව මෙම ව්‍යාපෘතියේ මූලික අදියරේ කටයුතු අවසන් කර ඇත. එහිදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ආබාධ සහිත තැනැත්තන් හඳුනා ගැනීම, රැකියා සැපයීමට එකඟත්වය පළ කරන පෞද්ගලික ආයතන සම්බන්ධීකරණය වැනි කාර්යයන් සිදු කරන ලදී.

ඒ අනුව, සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් සාකච්ඡා මඟින් මෙන්ම චක්‍රලේඛයක් මඟින් ද දැනුවත් කර ඇති අතර, ගිවිසුමක් මඟින් පෞද්ගලික ආයතන සම්බන්ධීකරණය කිරීමට කටයුතු කර ඇත. ඒ අනුව හඳුනා ගත් ආබාධ සහිත තැනැත්තන් 30කට ආසන්න පිරිසක් 2020 වසරේ දී රැකියා පුහුණුව සඳහා යොමු කර ඇත. 2021 වසර සඳහා ද තවදුරටත් ක්‍රියාත්මක කරමින් පවතී.