කිසිම ආදායම් මාර්ගයක් නොමැති, ඉඩමක් සඳහා හිමිකම් ඇති නමුත් නිවසක් අහිමි ආබාධ සහිත තැනැත්තන් සඳහා නිවසක් තනා දීමේ වැඩසටහන 2001 වසරේ සිට ක්‍රියාත්මක කරන අතර, ජාතික ලොතරැයි මණ්ඩලයේ සුපිරි වාසනා ලොතරැයිය මඟින් ලබන ආදායමින් 5%ක් වාර්ෂිකව මෙම අරමුදල සඳහා වෙන් කිරීමෙන් මූල්‍ය ප්‍රතිපාදන සපයා ගනු ලැබේ.
නව නිවසක් ඉදි කිරීම සඳහා ලබා දෙන උපරිම ආධාර මුදල රු.250,000/- ක් වේ. එම නිවස අලුත්වැඩියා කිරීම සඳහා උපරිම මුදල රු.150000 මෙම මුදල වාරික 03කින් ගෙවනු ලබන අතර පළමු වාරිකය රු.100,000/- ද, II වාරිකය රු.100,000/- අවසන් වාරිකය රු.50,000/- ගෙවනු ලැබේ. අලුත්වැඩියා කිරීම සඳහා වාරික 2න් පළමු වාරිකය රු.100000, දෙවන වාරිකය රු.50000 වශයෙන් ගෙවනු ලැබේ.
සම්පූර්ණ කළ යුතු සුදුසුකම්
- තම හිමිකම සහිත ඉඩමක් තිබිය යුතු අතර එසේ නොමැති නම් විධිමත් ගිවිසුම හරහා පැවරීමක් සිදු කර තිබිය යුතුයි.
- ග්‍රාම නිලධාරී, සමාජ සේවා නිලධාරී හා ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය අනුව අදාළ අයදුම්පත සම්පූර්ණ කර තිබිය යුතුයි.
- ආබාධ සහිත බව වෛද්‍ය වාර්තා මඟින් සනාථ කළ යුතුයි
- ඉදිකිරීමට බලාපොරොත්තු වන නිවසට අදාල ඇස්තමේන්තුව හා නිවාස සැලැස්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තාක්ෂණික නිලධාරී විසින් අත්සන් කර නිල මුද්‍රාව තබා සහතික කළයුතුය
- දැනට පදිංචි නිවස පැහැදිලිව දර්ශනය වන පරිදි පවුලේ සමාජිකයින් සමඟ ඡායාරූපයක් මඟින් ඉදිරිපත් කල යුතුය.
- පවුලේ මාසික ආදායම රු. 6,000 ට අඩු විය යුතුයි.
- වයස් සීමාව 18 – 70 අතර විය යුතුයි.
- වියදම් ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළ යුතුයි.
- ඉඩමක් නොමැති අයෙක් නම් ඉඩම ලබා දීමට කැමති අයෙක් ඉදිරිපත් වන්නේ නම් ප්‍රාදේශීය ලේකම් සමඟ ගිවිසුමක් අත්සන් කළ යුතුය.
අයදුම් කිරීමේ ක්‍රමවේදය
ඔබ අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා නිලධාරී හමුවී අදාළ අයදුම්පත් සම්පූර්ණ කර ලියාපදිංචි විය යුතුයි.