කාලාත්‍රයා මිය යාම, දරුවන් හා කාලාත්‍රයා අතහැර දැමීම වැනි හේතු නිසා තනිමාපිය පවුල් බවට පත්ව ඇති පවුල් මුහුණ දෙන ආර්ථික, සමාජීය, මානසික තත්ත්වයන් මඟහරවා ගැනීමට අත්වැළක් සැපයීම උදෙසා මෙම වැඩසටන ක්‍රියාත්මක වේ. ඒ අනුව උප වැඩසටහන් කිහිපයක් යටතේ තනිමාපිය පවුල් වැඩසටහන ක්‍රියාවට නැංවේ.
- රු.30,000ක් දක්වා ස්වයංරැකියා ආධාර ලබාදීම
- වෘත්තීය පුහුණු වැඩසහන් පැවැත්වීම
- හැකියා වර්ධන වැඩසටහන් පැවැත්වීම
- රු.10,000 දක්වා අධ්‍යාපන ආධාර ලබාදීම
- කියවීමේ මධ්‍යස්ථාන ආරම්භ කිරීම
අයදුම්කිරීමේ ක්‍රමවේදය
- ග්‍රාම නිලධාරී, සමාජ සේවා නිලධාරී හා ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය අනුව අදාළ අයදුම්පත සම්පූර්ණ කර තිබිය යුතුයි.
- කියවීමේ මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා ස්වේච්ඡා නායකයින් 15ක් පමණ පුහුණු කරවීමට කටයුතු කළ යුතුය.